බයිබල්යේ සදහන් වන පරිදි ලූසිෆර් නැතහොත් යක්ෂයා යන නාමය
මුල් කරගෙන කේරළ සිනමාව තුල දැනට බිහිවුණු විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස අවිවාධයෙන් යුතුව හැඳින්විය හැක .
කතාව දෙස හැරුණුවිට
පුරා පැය 2 විනාඩි 57 ක ධාවන කාලයක් ඇති මෙම
සිනමා සිත්තම කේරළ දේශපාලනය මූලික කරගෙන
බිහිවූවකි .ඉන්දීය සිනමාව තුළ අප නොයෙකුත් ආකාරයේ දේශපාලන බල අරගලය ඇතුළත් සිනමාපට
බොහොමයක් බිහි වී ඇති නමුත් ලුසිෆර් මා දන්නා
පරිදි නව පරිඡ්ඡේදයක් ආරම්භ කර ඇත.
ප්‍රධාන චරිතය ස්ට්ෆන් නෙඩුමුල්ලිගේ චරිතයට පණ පොවණ ප්‍රකට කේරළ සිනමා
නලු මෝහන්ලාල් විශිෂ්ට රoගනයක නිරතවන ආකාරය දැකගත හැක .මෝහන්ලාල්ගේ රoගනය ගැන අමුතුවෙන්
පැහැදිලි කළ යුතුනැත .
IUR පක්ෂ නායකගේ
මියයාමෙන් පසුව දේශපාලනය තුළ සිදුවන අපරිමිත ආශාවන්ගෙන් කැටි වූ බල ලෝබීත්වය බොබි ලඟා
කර ගැනීමට දරන උත්සහයත් ලුසිෆර් එය සියුම්ව විනාශ කර දමන ආකාරය පැය 2 විනාඩි 57 තුල මනාව පෙන්වයි .
මා හට
හැගෙන ආකාරයට දේශපාලනය තුළ 100% පිරිසිදුවන් නැති බවත් ,එය නිර්මාණය වන්නේ එකිනේකාට
සාපේක්ෂව බවත් ,ස්ට්ෆන් දේශපාලනය තුළ හොඳ වුවත් කුරේෂි අ’බ්‍රහම් සුපිරිසිදු විය නොහැක
.
කේරළ සිනමා නලු ප්‍රිත්විරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඔහු රoගනයට හා අධ්‍යක්ෂණයටත්
දක්ෂ බව සනාථ කර අවසන්ය.ඔහු කේරළ සිනමාව තුල විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙකු වනු ඇත.
No comments:
Post a Comment