තරු පන්තිය අනුව හෝටල් වර්ග කිරීම


මම කළින්  blog එකේදි  කිව්වා සත්කාරක කලමනාකරණයේ  තියෙන  අoශ  ගැන              
අද කතාකරන්න  යන්නේ  කොහොමද  තරු  පන්තිය අනුව හෝටල් වර්ග කරන්නේ කියලා 




තරු එකේ  හෝටල් one ⋆ hotel

  Ø  සoචාරකයන්ට  සපයන  නවාතැන් කාමර තුල නාන කාමරයක් තිබිය  යුතුය.( shower එකක්, bath tub එකක්  තිබිය  යුතුය)
  Ø  හැමදාම  කාමර සේවා සැපයිය යුතුය.
  Ø  කාමර තුල වර්ණ  රූපවාහිනියක් සහ  එය පාලනය කිරීමට  දුරස්ථ පාලකයක් තිබිය යුතුය.
  Ø  මේසයක් සහ පුටුවක්  තිබිය  යුතුය .
  Ø  සබන් සහ  body wash සැපයිය යුතුය.
  Ø  උත්සවශාලා  පහසුකම් තිබිය යුතුය.
  Ø  සේවා ලාභියාට පෞද්ගලික  දුරකථනයක් සැපයිය යුතුය
  Ø  උදෑසන ආහාර වේලක් සැපයිය යුතුය

තරු දෙකක් සහිත  හෝටල් tow⋆⋆ hotel

  Ø  ⋆ හෝටල් සතු ගුණාංග තිබිය  යුතුය
  Ø   බුෆේ ක්ර්මයට  උදෑසන ආහාර සැපයිය  යුතුය.
  Ø  Bath essence සහ shower gel සැපයිය යුතුය
  Ø  නාන තුවා සැපයිය යුතුය
  Ø  Credit Cards පහසුකම්   සැපයිය යුතුය
  Ø  දත්බෙහෙත් ,දත් බුරුසූ සහ රැවුල කෑපීමට අවශ්‍ය උපකරන සැපයිය යුතුය.

තරු තුනක්  සහිත  හෝටල්  tree⋆⋆⋆ hotel

තරු දෙකක්  සහිත හෝටල් වල තිබිය යුතු ගුණාංග තිබිය යුතු අතර ඊට අමතරව
Ø  උත්සවය ශාලාව පැය 14 විවෘතව තිබිය යුතු අතර ඇතුලත සහ පිටත  දුරකථන  සේවා පැය 24 පුරා  වැඩ කල යුතුය
Ø  පාන වර්ග  කාමර වෙත  සැපයිය යුතුය
Ø  අන්තර්ජාල පහසුකම්  කාමර තුල සහ හෝටලය අවට සැපයිය යුතුය
Ø  භාෂා පරිවර්තකයෙක් සිටිය යුතුය (ජර්මන්,චීන)
Ø  උත්සව ශාලා තුනක්වත්  තිබිය යුතුය
Ø  ශරීරය උනුසුම් කිරීමේ පහසුකම් නාන කාමර තුල සැපයිය යුතුය
Ø  ගමන් මලු රැගෙන යාමේ සේවා සැපයිය යුතුය
Ø  ලොන්ඩරි සේවා සැපයිය යුතුය
Ø  කොට්ට සහ පොරවන (blanket) ඉල්ලුම අනුව සැපයිය යුතුය

තරු  හතරක් සහිත හෝටල්   four⋆⋆⋆⋆hotel

  Ø  තරු තුනක් සහිත හෝටලයක තිබිය යුතු සේවා ඒ ආකාරයෙන්ම තිබිය යුතුය
  Ø  උත්සවය ශාලාව පැය 18 පුරා විවෘතව තිබිය යුතුය
  Ø  බුෆේ ක්‍රමයට උදෑසන ආහාරවේල පිලිගැන්වීම හෝ උදෑසන ආහාර වේල් අඩංගු මෙනුවක්  පාරිභෝගිකයාට සැපයිය යුතුය නැතහොත්  පාරිභෝගිකයන්ගේ ඉල්ලීම අනුව කෑම  ඔවුන්ගේ කාමර වෙතගෙනයායුතුය .
  Ø  Bath robe සහ  සෙරප්පු ඉල්ලුම අනුව සැපයිය යුතුය

තරු පහක් සහිත හෝටල්  five ⋆⋆⋆⋆⋆ hotel

තරු හතරක් සහිත හෝටල් සතු ගුණාංග තිබිය යුතු අතර ඊට අමතරව
  Ø  උත්සවය ශාලා පැය 24 පුරාවට විවෘතව තිබිය යුතුය
  Ø  දොරටු පාලකයෙක් සහ වාහන නවතා තැබීමට ස්ථානයක් තිබිය යුතුය
  Ø  භාෂා කීපයක්  කතාකල හැකි නිලධාරින් කීපදෙනෙකු සිටිය යුතුය
  Ø  අන්තර්ජාල පහසුකම් සහිත  පරිගණකයක් කාමර තුල තිබිය යුතුය
  Ø  විශාල ඉඩ පහසුකම් ඇති  ශාලා තුල පාන වර්ග සැපයීමේ සේවාවන් තිබිය යුතුය
මෙම සේවාවන් වලට  අමතරව තවත් බොහෝ සේවාවන්  අඩංගු වන අතර  මෙහි සදහන් වන්නේ ඉන් කීපයක් පමනි.

No comments:

Post a Comment

Hospitality management

We talked about the roadmap for the past and said that if I read the link from the below link, I would be talking about the next one in th...