අපි ගිය
පාර සoචාරක කර්මාන්තය ගැන කතා කලා එකේ ලින්ක් එක මම පහලින් දාන්නම් එක කියවලා නැත්නම් එක මුලින්ම කියවලා ඉන්න කලින් මගේ සටහන නැවැත්තුවේ ඊලග කොටසෙ සත්කාරක කලමනාකරණ කර්මාන්තය තුල තියෙන අන්ශ ගැන කතා කරනවා කියලයි
අද කතා කරන්න හදන්නේ අන්න ඒ ගැන
සත්කාරක
කලමනාකරණය ගැන අපි කලින් ලිපියෙදි හදුන ගත්තා එක ගැන මම ආයේ කියලා දෙන්න යන්නෙ නෑ සත්කරක කලමනාකරණය මූලිකවශයෙන් වැදගත් වෙන්නේ සoචාරකයන්ට අවශ්‍ය වෙන නවාතැන් ,ආහාර පාන සහ ප්‍රවාහන අන්ශයන්ටයි
අපි දැන් එක් එක් අන්ශ ගැන වෙන වෙනම හොයලා බලමු
නවාතැන් පහසුකම් සපයන ස්ථාන
මෙහිදී
මුලික වශයෙන් අදාල වන්නේ හෝටල්‍ය විදේශීය අමුත්තන් බොහොමයක් තමන්ගෙ නවාතැන ලෙස මෙවන
විට හෝටල් බාවිතා කරමින් සිටි. එයට හේතුව එක් ස්ථානයක සිට බොහෝ සේවාවන් ලබා ගත හැකි
වීමයි .මෙහිදී ඕනෑම පිලිගත් හෝටලයකට පැමිනෙන අමුත්තෙකුට
සිය උපරිම සේවාවක් ලබා දීමට එහි කර්‍යය මණ්ඩලය කැපවී සිටි .හෝටල් මගීන් සිය සේවාලභියා වෙත සලසන සේවා
අනුව හෝටල් වර්ග කරනු ලබයි එසේ වර්ග කරනලද හෝටල් තරු පන්තියේ
හෝටල් ලෙස හදුන්වයි .මෙසේ තරු වර්ග 7 ලබා දෙන අතර තවමත් ලංකාව තුල ඇත්තේ තරු 1,2,3,4,5 ට අදාල හෝටල් පමනි .පසුව නව
ලිපියකින් හෝටලයකට තරු ලබාදෙන ආකාරය විස්තර කිරීමට
බලාපොරොත්තු වෙනවා. මෙසේ හෝටලයක නවතින ඔබට සුහදශීලි පිලිගැනීමකින් පටන්ගෙන ඔබට අවශ්‍ය ආහාර පාන ,කායවර්ධන මධ්‍යස්ථාන ,පිහිනුම් තටාක ,සමාජ ශාලා,ලොන්ඩරි සේවා
ඇතුලුව තවත් බොහෝ සේවා සපයනු ලබයි .
ආහාර පාන
සපයන ස්ථාන
හෝටල් වලින්
මූලික වශයෙන් ආහාර පාන සපයන අතර ආහාරපාන
පමනක් සපයන ස්ථාන පවා අපට දැකගත හැක
.සමහර ස්ථාන වල පිළිගැනීමේ නිලධාරින් නොසිටියත් එම ආයතන සිය
උපරිමයෙන් තමන්ගේ පාරිභෝගිකයන්ට
අවශ්‍ය සේවාවන් සපයනු ලබයි. ආහාර පාන සපයන ස්ථානද හෝටල් මෙන් වර්ග කරනු ලබයි .
ප්‍රවාහන
ක්ෂේත්‍රය
මෙම ක්ෂේත්‍රය තුල ගුවන්,නාවික සහ ගොඩබිම් ප්‍රවාහනය
ලෙස වර්ග කල හැක .මෙම
වර්ග අතුරින් ගුවන් සහ නාවික ප්‍රවාහන තුල ගොඩබිම් ප්‍රවාහනයට
වඩා වැඩි සත්කාර දැක ගත
හැකි අතර .ගුවන් සහ නාවික අන්ශ වලද ආහාර පාන සහ අනෙකුත් මූලික සේවා දැකගත
හැක .
මෙම සියලුම සත්කාර ලබා දෙනු ලබන්නේ සoචාරකයන්
ත්‍යප්තිමත් කිරීමටයි .බොහෝ සේවාවන්
සදහා මුදල් අයකරන අතර එය ආයතන අනුව වෙනස් වේ .
මොකද්ද මේ ආගන්තුක හා සoචාරක කලමනාකරණය
https://freedompost4u.blogspot.com/2019/05/o.html
මොකද්ද මේ ආගන්තුක හා සoචාරක කලමනාකරණය
https://freedompost4u.blogspot.com/2019/05/o.html
No comments:
Post a Comment